මුල් පිටුව // පුද්ගලික // සේවාවන්
විදේශීය ප්‍රේෂණ
ඔබගේ ශ්‍රමයට
වැඩි වටිනාකමක්
011 7 640 640

කාගිල්ස් ෆුඩ්සිටි ශාඛාවන් මගින් ඔබගේ විදේශීය ප්‍රේෂණ ගෙදර යන ගමන් ලබා ගන්න.

 

 

 

මෙම සේවාව මගින්කාගිල්ස් බැංකුවෙහි හෝ වෙනත් බැංකුවක ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත මුදල් සම්ප්‍රේෂණය කිරීමට හෝ ඕනෑම කාගිල්ස් බැංකු ශාඛාවක් මගින් මුදල් ලබා ගැනීමට අවස්ථාව ලබා දේ. එමෙන්ම ප්‍රතිලාභලාභින් හට දිවයින පුරා විසිරී පවතින 500කට අධික කාගිල්ස් ෆුඩ් සිටි ශාඛාවන් මගින් මුදල් ලබා ගැනීමේ හැකියාවද පවතී. මෙම ගනුදෙනු වසරේ දින 365 පුරා උදෑසන  8.00 සිට රාත්‍රී 10.00 දක්වා සිදුකල හැකි අතර ලබාගත් ප්‍රේෂණයන් වෙනුවෙන් කාගිල්ස් ෆුඩ් සිටි මගින් මිලදී ගන්නා භාණ්ඩ සඳහා 5%ක වට්ටමක් අත්විදීමේ හැකියාවද ඇත. (කොන්දේසි අදාළ වේ)

Promotions

කොන්දේසි සහ නියමයන්

වයස් සීමාව

කාගිල්ස් බැංකුව මගින් පිරිනමන විදේශීය ප්‍රේෂණ සේවාවන් අත්විදීමටනම් ඔබ වයස අවුරුදු 18 හෝ ඊට වැඩි විය යුතුය.

ගනුදෙනු වටිනාකම

විදේශීය ප්‍රේෂණ සඳහා අවම ගනුදෙනු වටිනාකමක් නැත.

උපරිම මිලදී ගැනීමේ සීමාව

කාගිල්ස් ෆුඩ් සිටි ශාඛාවක් මගින් ලබා ගන්නා එක් විදේශීය ප්‍රේෂණ ගනුදෙනුවක් සඳහා ලබා දෙන 5% ක වට්ටම වලංගු වන්නේ රු. 10,000 දක්වා වන උපරිම භාණ්ඩ මිලදී ගැනීමක් සඳහා පමණි. (මෙය ප්‍රේෂණ ගනුදෙනුව සිදුකර දින 7ක් ඇතුලත වලංගු වේ.)

 

ප්‍රේෂණ සේවාවන්හි විප්ලවීකරණය

අපගේ නියෝජිතයන්

 

 

ඔබගේ ගැටළු
  1. කාගිල්ස් බැංකු විදේශීය ප්‍රේෂණ සේවාව යනු කුමක්ද?

 

මෙම සේවාව මගින්කාගිල්ස් බැංකුවෙහි හෝ වෙනත් බැංකුවක ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත මුදල් සම්ප්‍රේෂණය කිරීමට හෝ ඕනෑම කාගිල්ස් බැංකු ශාඛාවක් මගින් මුදල් ලබා ගැනීමට අවස්ථාව ලබා දේ. එමෙන්ම ප්‍රතිලාභලාභින් හට දිවයින පුරා විසිරී පවතින 500කට අධික කාගිල්ස් ෆුඩ් සිටි ශාඛාවන් මගින් මුදල් ලබා ගැනීමේ හැකියාවද පවතී. මෙම ගනුදෙනු වසරේ දින 365 පුරා උදෑසන  8.00 සිට රාත්‍රී 10.00 දක්වා සිදුකල හැකි අතර ලබාගත් ප්‍රේෂණයන් වෙනුවෙන් කාගිල්ස් ෆුඩ් සිටි මගින් මිලදී ගන්නා භාණ්ඩ සඳහා 5%ක වට්ටමක් අත්විදීමේ හැකියාවද ඇත. (කොන්දේසි අදාළ වේ)

 

  1. කාගිල්ස් බැංකුවේ විදේශීය ප්‍රේෂණ සඳහා කිසියම් ගනුදෙනු සීමාවන් සහ ගාස්තු අදාළවේද ?

 

කාගිල්ස් බැංකුව හරහා විදේශීය ප්‍රේෂණ ලෙස රු. මිලියන 50 ක උපරිම මුදලක් ලබා ගත හැකි අතර ප්‍රතිලාභීන්ගෙන් කිසිඳු කොමිස් මුදලක් අය නොකෙරේ.

 

  1. කාගිල්ස් බැංකුවෙහි විදේශීය ප්‍රේෂණ සේවාවෙහි ඇති ප්‍රතිලාභ මොනවාද?

 

  • කාගිල්ස් ෆුඩ් සිටි ශාඛාවන් මගින් මිලදී ගන්නා භාණ්ඩ සඳහා 5%ක වට්ටමක් (කොන්දේසි අදාළ වේ)
  • දීර්ඝ ගනුදෙනු කාලයන් (උදෑසන 00 සිට රාත්‍රී 10.00 දක්වා)
  • වසරේ දින 365 පුරා ක්‍රියාත්මක දිවයින පුරා විසිරී පවතින 500කට අධික කාගිල්ස් ෆුඩ් සිටි ශාඛා ජාලය
  • විශේෂ පුහුණුව ලද කාගිල්ස් ෆුඩ් සිටි ශාඛාවන්හි සේවක මණ්ඩලය විසින් ලබාදෙන අසමසම සේවය
  1. බැංකු ගිණුමක් නොමැතිව බැංකුවක් වෙත මුදල් යැවීමේ හැකියාව පවතීද?

 

ඔව්. ප්‍රතිලාභියා වෙත විදේශීය ප්‍රේෂණ, මුදල් මගින් ලබා දෙනු ඇත.

 

  1. ශ්‍රී ලංකාවට එවනු ලබන මුදල් වල අරමුණ සඳහන් කිරීම වැදගත්ද?

 

සෑම විදේශීය ආයතනයකටම ඔවුන්ගේම KYC(Know Your Customer)/ AML (Anti-Money Laundering) රෙගුලාසි ඇති අතර සියලු ගනුදෙනු සඳහා තම අරමුණ සඳහන් කිරීම අවශ්‍යවේ.

 

  1. මා හට විදේශීය ප්‍රේෂණ හුවමාරු ව්‍යාපාරයක් ඇත. කාගිල්ස් බැංකුව සමග මා සම්බන්ධ වන්නේ කෙසේද?

 

කරුණාකර පහත සඳහන් විස්තරවිද්‍යුත් තැපෑල මගින්  info@cargillsbank.com හෝ kithmini.k@cargillsbank.com හරහා අපවෙත ලබා දෙන්න. හැකි ඉක්මනින් අපි ඔබ සමග සම්බන්ධ වෙමු.

 

නම –

ආයතනයේ/ ව්‍යාපාරයේ නම –

ස්ථානය –

දුරකථන අංකය –

ඔබව ඇමතීමට සුදුසු වේලාව –

විද්‍යුත් තැපැල් (e-mail) ලිපිනය –

 

  1. මම විදේශිකයෙක් වන අතර මාහට ශ්‍රී ලංකාව වෙත මුදල් එවිය හැකිද?

 

ඔව්.

 

  1. විදේශීය ප්‍රේෂණ මුදල් යම් බද්දකට යටත්වේද?

 

නැත.

 

  1. කාගිල්ස් බැංකු විදේශීය ප්‍රේෂණ සේවාව හරහා ශ්‍රී ලංකාව තුල ප්‍රේෂණ මුදල් ලැබීමට කොතරම් කාලයක් (TAT) ගතවේද?

 

විදේශීය ආයතනය මගින් එවනු ලබන අවස්ථාවේදීම ලබා ගත හැක.

 

  1. විදේශීය ප්‍රේෂණ සඳහා කුමන පරිවර්තන අනුපාතයක් අදාළ වේද?

 

විදේශීය ප්‍රේෂණ එවනු ලබන අවස්ථාවේදී අදාළ වන පරිවර්තන අනුපාතයම එය ලබා ගන්න අවස්ථාවේදීත් අදාළ වේ. විදේශීය ප්‍රේෂණ එවනු ලබනනා විසින් ඔහුට අනුබද්ධිත බැංකුව හෝ විනිමය සමාගම සමග අදාළ ගනුදෙනුව සඳහා ලබාදෙනු ලබන විනිමය අනුපාතය  තහවුරු කරගත යුතුය.

Notices

 

කාගිල්ස් බැංකුව වෙත සාදරයෙන් පිළිගනිමු!
කාගිල්ස් බැංකුව විසින් පිරිනමනු ලබන විශ්මිත සේවා අත්විඳින්න.
Let us get to know you better!
Login with facebook or create an account to have a more personalised experience on cargillsbank.com
OR
Remittance Tracker
Enter your Reference No. and know the exact status of your remittance.
Inquiry Form